
"ජනගහනයෙන් පොහොසත්ම 0.5% මත 1.7% සිට 3.5% දක්වා වූ ධන බද්දක් ගැසීමෙන් අධ්‍යාපනය සදහා දරන වියදමෙන් 50% ක් පියවාගත හැකියි." හියුමන් රයිට් වොච් සංවිධානය කියයි. මෙරට ජනගහනයෙන් පොහොසත්ම 0.5% මත, 1.7% සිට 3.5% දක්වා වන ධන බද්දක් පැනවීමෙන් වාර්ශ්කිව ඩොලර් මිලියන 450 ක පමණ ආදායමක් උපයාගත හැකි බව හියුමන් රයිට් වොච් සංවිධානය පවසා තිබේ. මෙය ශ්‍රී ලංකා රජය, අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව වෙන් කර තිබෙන මුදලෙන් හරි අඩකට සමාන බව ඔවුන් වැඩි දුරටත් පවසයි. ශ්‍රී ලංකාවේ බදු අය කිරීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් දැක්වීමක් හියුමන් රයිට් වොච් සංවිධානය ඔවුන්ගේ නවත ප්‍රකාශනයක ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ. හියුමන් රයිට් වොච් වාර්තා කර තිබෙන ආකාරයට, ආයෝජන මණ්ඩලය හරහා “උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත” යටතේ ලබා දී තිබෙන බදු සහන හේතුවෙන් 2022 වසරේ දී රජයට අහිමි වී තිබෙන ආදායම රුපියල් බිලියන 978 කි. එය එම වසරේ රජය උපයා ඇති සමස්ත බදු ආදායමෙන් 56% කි. 1977 දී, ශ්‍රී ලංකාව සෘජු බදු හරහා සමස්ත බදු ආදායමෙන් 33% ක් උපයාගෙන තිබේ. නමුත් 1980 සහ 2018 අතර කාලය තුළ සෘජු බදු අය කිරීම සමස්ත බදු ආදායමෙන් 19% දක්වා පහත වැටී තිබේ. ලංකාවේ වැට් බද්ද පිළිබදව දැඩි විවේචනයක් එල්ල කර තිබෙන හියුමන් රයිට් වොච් සංවිධානය, දරිද්‍රතාවයේ 3.9% ක වැඩි වීමකට වැට් බද්ද දායක වී ඇති බව පවසයි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-10-24 10:32 am
|
| Heading |
|---|
|
2025-10-24 8:57 am
|
| Heading |
|---|
|
2025-10-23 9:12 am
|
| Heading |
|---|
|
2025-10-21 9:41 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|