Heading
දේශීය
2025-10-24 10:32 am • Views: 1868

“දශක ගණනාවකට පසුව පළමු වතාවට සියළු මූල්‍ය ඉලක්ක අභිබවා යනු ඇත..” මහබැංකු අධිපති.

දශක ගණනාවකට පසුව පළමු වතාවට සියළු මූල්‍ය ඉලක්ක අභිබවා යනු ඇත..” මහබැංකු අධිපති. 

රජයේ මූල්‍ය කාර්ය සාධනය, අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ගොස් ඇති බව මහබැංකු අධිපති, ආචාර්ය, එස් නන්දලාල් මහතා පවසයි. 

දශක ගණනාවකට පසුව, මූල්‍ය ඉලක්ක ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බවයි, මහබැංකු- අධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ. 

රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇති අතර, රාජ්‍ය වියදම් පහත වැටී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අයවැය පරතරය අඩු අගයක් ගෙන තිබේ. 

රාජ්‍ය ආදායම, අවම වශයෙන්, දළ දේශීය නිෂ්පාදිතනයෙන් 15.3% ක් විය යුතු බවට වූ ඉලක්කය මෙවර ඉක්මවා යනු ඇති බව මහබැංකු- අධිපතිවරයා පවසයි. 

ඊට අමතරව, ප්‍රාථමික අතිරික්තය, ලබා දී තිබෙන ඉලක්කය වන 2.3% සීමාව ඉක්මවා යනු ඇති බවටද මහබැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරයි. 

ලබන වසර වන විට උද්ධමනය 5% සීමාව කරා එනු ඇතැයි මහබැංකු අධිපතිවරයා බලාපොරොත්තු වෙයි. 

“2022 සහ 2023 යන වසර වල සිදු වූ හැකිලීමෙන් පසුව, ආර්ථිකය දැන් 5% ක පමණ වර්ධනයක් පෙන්නුම් කරයි. ලබන වසරේ දී ද ආර්ථික වර්ධනය  4% ත් 5% ත් අතර අගයක පවතිනු ඇත;” මහබැංකු අධිපතිවරයා පවසයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න