Heading
දේශීය
2025-10-25 8:17 am • Views: 143

ජනවාරි-සැප්තැම්බර් ඇඟළුම් අපනයන ආදායම ඩොලර් බිලියන 3.8 ක්. පසුගිය වසර හා සැසදීමේ දී 6.83% ක වර්ධනයක්.

ජනවාරි-සැප්තැම්බර් ඇඟළුම් අපනයන ආදායම ඩොලර් බිලියන 3.8 ක්. පසුගිය වසර හා සැසදීමේ දී 6.83% ක වර්ධනයක්. 

මේ වසරේ ජනවාරි සහ සැප්තැම්බර මුල් මාස නමය තුළ ඇගළුම් අපනයනයෙන් ඩොලර් බිලියන 3.8 ක ආදායමක් උපයා ඇති බව ඇගළුම් අපනයනකරුවන්ගේ ඒකාබද්ධ සංගමය නිවේදනය කරයි. 

පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී එය 6.83% ක වර්ධනයකි. 

සැප්තැම්බර් මාසය පමණක් ගත් විට, සැප්තැම්බර් මාසයේ දී ඇගළුම් අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 403.01 කි. 

එය 2024 වසරේ සැප්තැම්බරයේ වාර්තා වූ ඩොලර් මිලියන 396.73 ට සාපේක්ෂව 1.58% ක වර්ධනයකි. 

සැප්තැම්බරයේ එක්සත් ජනපදයට කළ අපනයන 4.71% කින් සහ එක්සත් රාජධානියට කළ අපනයන 15.06% කින් පහත වැටී තිබේ. 

නමුත් යුරෝපා සංගමයට කළ අපනයන 10.07% කින් සහ අනෙකුත් ගමනාන්ත සදහා කළ අපනයන 19.49% කින් ඉහළ ගොස් තිබේ.  

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න