
අයවැය දෙවන වර කියැවීම ඡන්ද විමසීම අද..! අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම අද පස්වරු 6 ට සිදු කිරීමට නියමිත ය. 2026 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියැවීම හෙවත් අයවැය කතාව පසුගිය හත් වන දා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය හත් වන දා ඉදිරිපත් කළේ ය. අයවැය දෙවන වර කියැවීම අදින් අවසන් වන අතර, අයවැය තෙවන වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට සිට ආරම්භ වේ. එය අවසන් වන්නේ දෙසැම්බර් පස්වන දා ය. අයවැය තෙවන වර කියැවීම සදහා වන ඡන්ද විමසීම දෙසැම්බර් පස්වන දා සවස හයට පැවැත් වේ. අද පැවැත්වෙන අයවැය දෙවන වර කියැවීම සදහා වන ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව මෑත ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් වාර්තා වනු ඇති බවට මත පල වේ. විශේෂයෙන්ම, වතුකම්කරු දෛනික වැටුප රුපියල් 1750 ක් දක්වා ඉහළ නැංවීමට රජයට කටයුතු කර ඇති බැවින්, එම ප්‍රජාව නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකුට මෙම අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇතැයි සිතිය හැකි ය.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|