Heading
දේශීය
2024-08-14 2:08 am

මැතිවරණ කොමිසමෙන් හිරු මාධ්‍ය ජාලයට අවවාදාත්මක ලිපියක්.

මැතිවරණ කොමිසමෙන් හිරු මාධ්‍ය ජාලයට අවවාදාත්මක ලිපියක්. 


මැතිවරණ සමයක කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මැතිවරණ කොමිසම හදුන්වා දී තිබෙන මාධ්‍ය උපමාන හිරු මාධ්‍ය ජාලය විසින් නොතකා හැර ඇති බවත්, එය මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් වන බැවින් වහාම ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටිමින් මැතිවරණ කොමිසම විසින් හිරු මාධ්‍ය ජාලය වෙත ලිපියක් යොමු කර තිබේ. 

එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සිය ගුවන් කාලයෙන් වැඩි ප්‍රමාණයක් වෙන් කර තිබෙන බවත්, ඊට අමතරව, පත්තරේ විස්තරේ වැනි වැඩ සටහන් හරහා අනෙකුත් අපේක්ෂකයන්ට අපහාස වන ලෙස අදහස් ප්‍රකාශ කරන බවත් හිරු මාධ්‍ය ජාලයට එල්ල වී තිබෙන ප්‍රධාන චෝදනා අතරෙන් කීපයකි. 

එමෙන්ම, අධිකරණයේ දැනට විභාග වෙමින් පවතින නඩු කටයුතු- සම්බන්ධයෙන් පවා මාධ්‍ය සදාචාරයට පටහැනිව අදහස් ප්‍රකාශ කරන බවද ඔවුන්ට එල්ල වී තිබෙන තවත් චෝදනාවකි. 

මේ සියළු කරුණු පිළිබදව සිය ලිපියේ සදහන් කර තිබෙන මැතිවරණ කොමිසම, මේ කරුණු පිළිබදව වහා සැලකිලිමත් වී නිවැරදි මාධ්‍ය භාවිතයක යෙදෙන ලෙස හිරු මාධ්‍ය ජාලයට අවවාද කර සිටියි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න