Heading
දේශීය
2026-01-16 12:50 pm • Views: 12

ගංවතුරේ කලාවැවේ වැව් බැම්ම ඔස්සේ මගී බස් රථය ධාවනය කළ රියැදුරුට එරෙහිව මි/නී/මැ/රු/ම් චෝදනා..!

ගංවතුරේ කලාවැවේ වැව් බැම්ම ඔස්සේ
මගී බස් රථය ධාවනය කළ රියැදුරුට එරෙහිව
මි/නී/මැ/රු/ම් චෝදනා..!
ජලයෙන් යට වී තිබුණු කලා වැව පාලම හරහා බස් රථයක් ධාවනය කිරීමෙන් මගී ජීවිත අනතුරේ හෙලීම සහ පුද්ගල මරණ දෙකක් සිදු කිරීම සම්බන්ධයෙන්, එම බස් රථය ධාවනය කළ රියැදුරු, ජනවාරි 21 වන දා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නොච්චියාගම මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
අනතුරු හැගවීම් නොතකා හරිමින්, අදාල රියැදුරා, ජලයෙන් යට ව තිබුණු කලාවැවේ පාලම හරහා බස් රථය ධාවනය කළ මොහොතේ, එම බස් රථය තුළ මගීන් 68 දෙනෙකු සිට තිබේ.
බස් රථය ගංවතුරට හසු වීමෙන් පසු, එහි සිටි මගීන් දෙදනෙකුගේ ජීවිත අහිමි විය.
බස් රථයේ රියැදුරු සාලියවැව පදිංචි, ධනුෂ්ක කුමාරසිංහ නමැති අයෙකි.
ඔහුට එරෙහිව පොලිසිය චෝදනා ගොනුකර තිබෙන්නේ “මි/නී/මැ/රී/ම” සහ “මි/නී මැ/රී/ම/ට තැත් කිරීම” යන චෝදනා යටතේ ය.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න