ඩොලර් බිලියන 3.7 ක ආයෝජනයක්..!
හම්බන්තොට තෙල් පිරිපහදුවට අදාල අවස් ගිවිසුම
ලබන මාසයේ දී අත්සන් කරයි..!
හම්බන්තොට තෙල් පිරිපහදු ව්යාපෘතිය සදහා වන ගිවිසුම අවසන් කිරීම සදහා සිනොපෙක් සමාගමේ ඉහළ නිළධාරින් පිරිසක් ලබන මස මුල දී ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
සිනොපෙක් සමාගම හම්බන්තොට ඉදිකිරීමට නියමිත තෙල් පිරිපහදුව ඩොලර් බිලියන 3.7 ක ආයෝජනයකි.
ඒ සදහා වන අවබෝධතා ගිවිසුම පසුගිය වසරේ ජනවාරි මාසයේ දී ජනාධිපති අනුර ක-ුමාර දිසානායක මහත සිය චීන සංචාරය තුළ දී අත්සන් තැබී ය.
පසුගිය දා චීන විදේශ කටයුතු අමාත්ය වැන්ග් යී මහතා සහ විජිත හේරත් අමාත්යවරයා අතර හමුවක් සිදු වූ අතර, එම හමුවේ දී ද මේ පිළිබදව සාකච්ඡා වී තිබුණි.