Heading
දේශීය
2024-08-21 7:34 am

සංචාරකයෝ මිලියන 1.3 ක් එති. අගෝස්තු මුල් දින 19 ට පැමිණි සංචාරකයන් ගණන 117,825 යි.

සංචාරකයෝ මිලියන 1.3 ක් එති. 

අගෝස්තු මුල් දින 19 ට පැමිණි සංචාරකයන් ගණන 117,825 යි. 


වසරේ මේ දක්වා දිවයිනට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.3 ඉක්මවා ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 

නවතම සංඛ්‍යා දත්ත අනුව, අගෝස්තු මාසයේ මුල් දින 19 තුළ පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 117,825 කි. 

ඒ අනුව, අගෝස්තු මාසය තුළ පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව 130,000 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරයි. නමුත්, පුරෝකථනය වී තිබුනේ, අගෝස්තු මාසයේ සංචාරකයන් 187,155 දෙනෙකු පැමිණෙනු ඇති බවටයි. 

අගෝස්තුවේ පැමිණි සංචාරකයන්ගෙන් වැඩිම පිරිස ඉන්දියානුවන් ය. එක්සත් රාජධානිය සහ චීනය පිළිවෙළින් දෙවන සහ තුන්වන ස්ථාන ගනී. 

වසරේ මුල් මාස හත තුළ සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති විදේශ විනිමය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.88 කි. එය පසුගිය වසරේ එම කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 72% ක වර්ධනයකි. නමුත්, 2018 වසර හා සසදා බැලීමේ දී 38% ක පහත වැටීමකි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න