Heading
දේශීය
2024-08-24 8:40 am

"පලාත් පාලන මැතිවරණය කල් දැමීම." ජනපති රනිල් වරදකරුකරමින් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට සාලිය පීරිස්ගෙන් පැසසුම්...!

"පලාත් පාලන මැතිවරණය කල් දැමීම." ජනපති රනිල් වරදකරුකරමින් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට සාලිය පීරිස්ගෙන් පැසසුම්...!


පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණු පලාත් පාලන මැතිවරණය නොපැවැත්වීම මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ චෝදනාවට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වගකිවයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් මහතාගේ පැසසුමට ලක්ව තිබේ. 

ධූරය දරන ජනාධිපතිවරණයෙකු මේ ආකාරයේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති දෙවන අවස්ථාව මෙය බව සාලිය පීරිස් මහතා වැඩිදුරටත් පවසයි. 

පැවැත්වීමට නියමිතව තිබුණු පලාත් පාලන මැතිවරණය කඩා කප්පල් කිරීමට රජය දරන උත්සාහය මුල සිටම ශ්‍රී ලංකා නීතීඥ සංගමය හෙලා දැක තිබුණි. 

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන මෙම තීන්දුවෙන් නීතීඥ සංගමයේ ස්ථාවරය නිවැරදි බව සනාථ වූවේ යැයි නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් මහතා වැඩි දුරටත් අවධාරණය කරයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න