Heading
දේශීය
2024-08-29 9:55 am

අර්බුද සමයේ ඉන්ධන ගෙන්වීමේ දී රුපියල් බිලියන 36 ක වංචාවක්...!

අර්බුද සමයේ ඉන්ධන ගෙන්වීමේ දී රුපියල් බිලියන 36 ක වංචාවක්...!

වගකිව යුතු දේශපාලනඥයන් සහ නිළධාරීන් අවුරුදු දෙකක් නිදැල්ලේ..!


ආර්ථික අර්බුදය පැවති සමයේ දී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේ දී රුපියල් බිලියන 36 ක අති දැවැන්ත වංචාවක් සිදුව ඇති බව විගණන වාර්තා මගින් තහවුරු වී ඇති අතර, මෙම අති දැවැන්ත වංචාවට සම්බන්ධ දේශපාලනඥයන්සට සහ නිළධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට, අදාල පාඩුව ඔවුන්ගෙන් අය කර ගන්නා ලෙස විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇති ඇතත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බව හෙළි වී තිබේ. 

මෙම හෙළිදරව්ව සිදුකර තිබෙන්නේ, ජනාධිපති ධූර අපේක්ෂකයෙකු වන ජනක රත්නායක මහතා විසිනි. 

ඔහු පවසන ආකාරයට මීට අදාල වගකිව යුතු පාර්ශ්ව විසින් අදාල වංචාව සිදුකර තිබෙන්නේ 2022 වසරේ දී ය. 

තමන්, මෙම වංචාව සම්බන්ධයෙන් එවකට පැවති කෝප් කමිටු සභාපතිවරයා සහ විගණකාධිපතිවරයා දැනුවත් කළ බව පවසන ජනක රත්නායක මහතා, එම අවස්ථාවේ දී තමන් ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන පරීක්ෂා කර බැලූ කෝප් කමිටු සභාපතිවරයා සහ විගණකාධිපතිවරයා, වංචාවක් සිද්ධ වී ඇති බව පිළිගත් බවද පවසයි. 

ඉන් පසුව, ජාතික විගණන කාර්යාලය මේ සම්බන්ධයෙන් විගණනයක් සිදු කර තිබේ. එම විගණනයෙන් අදාල වංචාව තහවුරු කර ඇති අතර, ඉන්ධන මිලදී ගැනීමට අදාල ප්‍රසම්පාදනයේ දී සිද්ධ වී තිබෙන මෙම වංචාවට වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් රට අහිමි වූ එම අති දැවැන්ත  මුදල් ප්‍රමාණය අය කර ගන්නා ලෙස ද නිර්දේශ කර තිබේ. 

ජනක රත්නායක මහතා පවසන ආකාරයට, අදාල වංචාව සිදුව ඇත්තේ පහත පරිදිය.

2022 මාර්තු මස 01 වැනිදා සිට ඔක්තෝබර් 31 දක්වා කාලය තුළ ඩීසල් මිලදී ගැනීමේදී බැරලය ඩොලර 6.98ට මිලදී ගැනීමට ගිවිසුම් ගතව තිබියදී එම සමාගමට බැරලයට ඩොලර් 24 බැගින් ගෙවීම හරහා කර ඇති වංචාව මිලියන 3.047කි.

තව ද ඩීසල් බැරලයක් ඩොලර් 6.98 යටතේ සැපැයීමට ඉහත සමාගම සමග ගිවිසුම්ගතව තිබියදී වෙනත් සමාගම් දෙකකින් එම කාලය තුළදී ඩීසල් බැරල් 922381ක් ඩොලර් 13.83, ඩොලර් 19.87, ඩොලර් 17 යන අධික මිල ගණන් යටතේ ගැනීමෙන් සිදුකර ඇති වංචාව මිලියන 3382කි.

එසේම 2022 වසර තුළදී ඔටෝ ඩීසල් බැරල් 18,20,012ක් ආනයනය කර ඇති අතර ඒවා සඳහා මිල නියම කිරීමේදී නියම පිරිවැය වෙනුවට ඉහළ ගුණාත්මක ඉන්දනවලට  ගෙවන සිංගප්පූරු මිල පදනම් කරගෙන ගෙවීම් කර ඇත. එහිදී සිදුවී ඇති වංචාව රුපියල් මිලියන 3873කි.

ඉන්දීය රජය මෙරටට ලබාදුන් ණය යටතේ ඩීසල් බැරල් 599,722ක් මෙරටට ගෙන්වා ඇත්තේ පහළ ගුණාත්මක භාවයෙන් යුත් ඒවා වුවද ඒවාට මිල නියම කිරීමේදී උසස් ප්‍රමිතියෙන් යුත් ඉන්ධන සඳහා ගෙවන සිංගප්පූරු මිල  ගණන් පදනම් කරගෙන පිරිවැය පෙන්වා ගෙවීම් කිරීමෙන්  සිදුකර ඇති වංචාව රුපියල් මිලියන 1670කි.

එමෙන්ම 2022 වර්ෂයේ ද අවස්ථා 3කදී සයිබීරියාවෙන් බාල බොරතෙල් බැරල් 20,23,509 ක් ගෙන්වා ඇති අතර  මේවායේ පිරිවැය ගණනය කර ඇත්තේ උසස් ඉන්ධන සඳහා ගෙවන සිංගප්පූරු මිල ගණන් පදනම් කරගෙනය. එම  ගනුදෙනුව හරහා සිදුකර ඇති වංචාව රුපියල් මිලියන 17,876කි.

අඩු මිලකට ගෙන්වූ ඉන්ධන වැඩි මිල ගණන් යටතේ මිල නියම කර ජනතාවට අලෙවි කිරීමෙන් දරා ඇති වැයබර රුපියල් කෝටි 3000කට ආසන්න වේ.




Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න