Heading
දේශීය
2024-08-30 9:15 am

අපේක්ෂකයෝ කීප දෙනෙක් මැතිවරණ කොමිසමට ඇණයක් වෙයි.

අපේක්ෂකයෝ කීප දෙනෙක් මැතිවරණ කොමිසමට ඇණයක් වෙයි.  

ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරෙන් කිහිප දෙනෙකු-ට ඇදහිය නොහැකි විකාරසහගත ඉල්ලීම් ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිසමට කරදර කරමින් සිටින බව ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර තිබේ. 

එකී අපේක්ෂකයන්ගේ විකාර සහගත ඉල්ලීම් අතර, කිසිදු ජීවිත තර්ජනයක් නැති අපේක්ෂකයෙකු විසින් ඔහුගේ ආරක්ෂාව සදහා ස්නයිපර් වෙඩික්කරුවෙකු ඉල්ලා සිටීමක් සහ සිය බිරිදගෙන් වෙන්ව ජීවත් වන තවත් අපේක්ෂකයෙකු, බිරිදගෙන් තර්ජන ඇති බව කියමින් විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස කරන ලද ඉල්ලීමක් ද ඇතුළත් වන බව පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබේ. 

ජනාධිපතිවරණය කැදවා ඇති බැවින්, අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා රජය පසුගියදා විශේෂ කමිටුවක් පත්කරන ලදී. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න