Heading
දේශීය
2024-08-30 10:55 am

කෙහෙළියට බඩ එළිය...! අධිකරණයට ගේන්නවත් බැරි බව කියයි.

කෙහෙළියට බඩ එළිය...! අධිකරණයට ගේන්නවත් බැරි බව කියයි. 

ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වන විට බඩඑළිය යාම, කොන්දේ අමාරුව සහ දණහිස් අමාරුව යන රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන බව වාර්තා වේ. 

ඊයේ දිනයේ දී කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබුණූ නමුත්, ඉහත රෝග තත්ත්වයන් හේතුවෙන් කෙහෙළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බව බන්ධනාගාර නිළධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ. 

කෙසේ වෙතත් එම රෝග තත්ත්වයන්ගෙන් කෙහෙළිය රඹුක්වැල්ල පීඩා විදින බවට තහවුරු කිරීම සදහා ප්‍රමාණවත් වෛද්‍ය වාර්තා බන්ධනාගාර නිළධාරීන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි. ඒ සම්බන්ධයෙන් අධිකරණය බන්ධනාගාර නිළධාරීන්ට දොස් පවරා ඇති බව වාර්තා වේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න