Heading
දේශීය
2024-09-01 2:14 am

"විදේශ ණය ආධාර යටතේ දියත් කර තිබෙන ව්‍යාපෘති පිළිබඳ රජයේ විනිවිදභාවය ඉතාම අඩුයි..!" වෙරිටේ රිසර්ච් කියයි.

"විදේශ ණය ආධාර යටතේ දියත් කර තිබෙන ව්‍යාපෘති පිළිබඳ රජයේ විනිවිදභාවය ඉතාම අඩුයි..!" වෙරිටේ රිසර්ච් කියයි. 

විදේශ ණය ආධාර මත රට ත-ුළ දියත් කර තිබෙන ව්‍යාපෘති සම්බන්ධයෙන් රජයේ විනිවිද භාවය සැලකිය යුතු ලෙස පහල මට්ටමක පවතින බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. 

විශේෂයෙන්ම, විදේශ ණය ආධාර මත දියත් කරනු ලබන ඇමරිකානු ඩොලර් ලක්ෂයකට වඩා වැඩි වටිනාකමකින් යුතු ව්‍යාපෘති සම්බන්ධ සෑම තොරතු-රක්ම, පොදු ඔන්ලයින් වේදිකාවක හෙළි කළ යුතු බවට වන නිර්දේශයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට ලබා දී තිබේ. 

කෙසේ වෙතත්, අවශ්‍ය තොරතුරු එබදු පොදු වේදිකාවක හෙළි දරව් කිරීමට රජය විශාල මැලිකමක් දක්වා ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. 

ඔවුන් පවසන ආකාරයට, 2024 වසරේ දියත් කර තිබෙන එබදු ව්‍යාපෘතිවලින්, රජය තොරතුරු හෙළිකර තිබෙන්නේ 40% ක පමණ ප්‍රමාණයක පමණි. 

රජයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන දූෂණයන්ගෙන් බහුතරය සිද්ධ වන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී බව හදුනාගෙන තිබේ. එබැවින් ප්‍රසම්පාදනයට අදාල සෑම විස්තරයක්ම පොදු වේදිකාවක හෙළි කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබුණත්, දැනට එවැනි ව්‍යාපෘතිවල ප්‍රසම්පාදනයට අදාල තොරතුරු හෙළිකිරීම 20% ක පමණ පහළ මට්ටමක පවතී. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න