Heading
දේශීය
2024-09-08 10:17 am

"ශීත සෘතුවේ වාසිය අහෝසි වීමේ අවදානමක්..! ඔක්කෝටම මුල ටිරාන්ගේ ආගමන පාලක හර්ෂ ඉලුක්පිටිය..!" කර්මාන්තයේ ප්‍රවීණයෝ චෝදනා කරති.

"ශීත සෘතුවේ වාසිය අහෝසි වීමේ අවදානමක්..! ඔක්කෝටම මුල ටිරාන්ගේ  ආගමන පාලක හර්ෂ ඉලුක්පිටිය..!" කර්මාන්තයේ ප්‍රවීණයෝ චෝදනා කරති. 


විධායකයයේ අධිකරණයේ නියෝග නොතකා හරිමින් ක්‍රියාකරන ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියගේ අමනෝඥ ක්‍රියා පිළිවෙත හේතුවෙන්, මෙරට සංචාරක කර්මාන්ත දැඩි අනතුරකට මුහුණ දී සිටින බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ චෝදනා කරයි. 

ආගමන පාලක ජනරාල්ගේ අමනෝඥ ක්‍රියාපිළිවෙත තවදුරටත් ඉවසා සිටිය නොහැකි බව පවසන ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ සභාපති නිශාද් විජේතුංග මහතා, එළැඹෙන සතියේ දී හර්ෂ ඉළුක්පිටියට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බවටද අනතුරු හගවා තිබේ. 

ඔහු පවසන ආකාරයට, රට තුළට ඇතුළු වන සංචාරකයෙකු මේ වන විට පැය දෙක හමාරක කාලයක් බණඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ රස්තියාදු විය යුතුය. 

එමෙන්ම, මේ වන විටත් රට තුළට පැමිණෙමින් සිටිනුයේ, රටට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අනුමාන කරන ලද ප්‍රමාණයට වඩා අඩු සංචාරකයන් ප්‍රමාණයකි. මේ තත්ත්වය තවදුරටත් මෙසේම පැවතියහොත්, ශීත සෘතුවේ වාසිය ලංකාවට අත්කරගත නොහැකි වනු ඇතැයි නිශාද් විජේතුංග මහතා පවසයි. 

ඔහු මේ කරුණු පවසා තිබුනේ, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග පසුගිය දා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

රටවල් තිස් අටකට නොමිලේ වීසා බලපත්‍ර නිකුත් කරන බව රජය ප්‍රකාශ කළද, ඒ කිසිවක් සිද්ධ නොවන බව ද ඔහු චෝදනා කරයි. 

මෙම අර්බුදය ආරම්භ වුවේ වී.එෆ්.එස් සමාගමට ඔන් එරයිවල් වීසා ලබා දීමට කටයුතු කිරීමත් සමගිනි. ඊට එරෙහිව අධිකරණ නියෝගයක් ලැබී ඇති නමුත්, මේ දක්වා එම අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොවන බවට චෝදනා එල්ල වී තිබේ. 

අධිකරණය නියෝග කළේ වී.එෆ්.එස් සමාගමෙන් අදාල වීසා නිකුතුව ඉවත් කොට, යළි මොබිටෙල් ආයතනයට එය ලබා දෙන ලෙසයි. නමුත්, නිදහසට කරුණු කියමින් හර්ෂ ඉලුක්පිටිය අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම මග හරිමින් සිටියි. 

රටවල් 38 කට ෆ්‍රී වීසා නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබී තීරණය ද හර්ෂ ඉලුක්පිටිය ක්‍රියාත්මක නොකරයි. ඔහු පවසා ඇත්තේ, කැබිනට් අනුමැතිය පමණක් ඊට ප්‍රමාණවත් නොවන බවයි. එය පාර්ලිමේන්තුවෙන් අනුමත කරන තෙක් එම නියෝගය ක්‍රියාත්මක කළ නොහැකි බව ඔහු පවසා තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න