Heading
දේශීය
2024-09-14 9:17 am

"අළුත් රජය සූදානම් නම්, සබඳතා තරකරගන්න අපිත් සූදානම්...!" චීන තානාපති කියයි.

"අළුත් රජය සූදානම් නම්, සබඳතා තරකරගන්න අපිත් සූදානම්...!"  චීන තානාපති කියයි. 

හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සදහා සහයෝගය ලබා දෙන්න යැයි, ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් සහ එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔවුන් එය නොතකා හැරිය නමුත්, චීනය එම අවස්ථාවේ දී ලංකාවට උදව් කිරීමට පැමිණි බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පවසයි. 

ඒ ආකාරයටම, ඉදිරි ජනාධිපතිවරණයට පසුව පත්වන නව රජය සමඟද සහයෝගයෙන් කටයුතු කිරීමට චීන රජය සූදානම් බව ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.  

මෙරට චීන තානාපතිවරයා මේ අදහස් පවසා තිබුණේ කොළඹ වරාය නගරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. 

චීනය සෑම රටකම ස්වාධිපත්‍යයට ගරු කරන බව පවසා තිබෙන චීන තානාපතිවරයා, ඉදිරියේ දී බලයට පත්වන රජය සූදානම් නම්, දෙරට අතර සබඳතා තර කර ගැනීමට චීනය සූදානම් බවද අවධාරණය කර තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න