Heading
දේශීය
2024-09-17 9:58 am

“මැතිවරණයට පෙර හා පසුව ඇති විය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න!” ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ගෙන් ඉල්ලයි.

“මැතිවරණයට පෙර හා පසුව ඇති විය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න!” ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ගෙන් ඉල්ලයි. 


ජනාධිපතිවරණයට පෙර හා ඉන් පසුව ඇතිවිය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්, ලංකාවේ සංචාරයේ නිරතව සිටින සිය පුරවැසියන්ට අනතුරු හගවමින්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු-ව, නව සංචාරක මාර්ගෝපදේශයක් නිකුත් කර තිබේ. 

ජනතාව එක්රොක් වී සිදු කරන සාමකාමී උද්ඝෝෂණ පවා සැනින් ප්‍රචණ්ඩත්වය කරා ගමන් කරා ගමන් කළ හැකි බව රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසා තිබේ. එබැවින්, එවැනි අවස්ථා මඟ හරින ලෙසත්, මාධ්‍ය වාර්තා සහ බලධාරීන්ගේ නිවේදන පිළිබදව අවධානයෙන් සිටින ලෙසත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියෙන් ඉල්ලා සිටියි. 

මේ සම්බන්ධයෙන්, අයිලන්ඩ් පුවත්පත කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසා ඇත්තේ, මැතිවරණයට පෙර හා පසුව ඇතිවිය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට අවශ්‍ය පියවර රජය ගෙන ඇති බවයි. 

ඊට අදාලව, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය සම්බන්ධීකරණය කරමින් පුළුල් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බවද ඔහු වැඩි දුරටත් පවසා තිබේ. 

මීට අමතරව, ජූලි 31 වන දා සිට සැප්තැම්බර් 14 දක්වා අතර කාලය තුළ මැතිවරණයට අදාලව, මැතිවරණ කොමිසමට පැමිණිලි 4215 ක් ලැබී ඇති බව පවසන මැතිවරණ කොමිසම, ඉන් පැමිණිලි 30 ක් පමණක්, ප්‍රචණ්ඩ ක්‍රියා යන ගනයට ඇතුළත් කළ හැකි බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න