Heading
දේශීය
2024-09-19 11:14 am

අනීතික අත්අඩංගුවට ගැනීමක්..! ලක්ෂ පන්සියයක වන්දියක් ඉල්ලා බෲනෝ, සීඅයිඩීයට නඩු දමයි..!

අනීතික අත්අඩංගුවට ගැනීමක්..! ලක්ෂ පන්සියයක වන්දියක් ඉල්ලා බෲනෝ, සීඅයිඩීයට නඩු දමයි..! 

2023 වසරේ මැයි මාසයේ 31 වන දා, සාධාරණ හේතුවකින් තොරව තමන් අත් අඩංගුවට ගත් බවට චෝදනා කරමින්, මාධ්‍යවේදී බෲනෝ දිවාකර මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පවරා තිබේ. 

එම අත්අඩංගුවට ගැනීමෙන් සිදු වූ අයිතිවාසිකම් උල්ලංඝණය වීම සම්බන්ධයෙන්, ඔහු ලක්ෂ පන් සියයක වන්දියක් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවෙන් ඉල්ලා සිටියි. 

බෲනෝ දිවාකර අත්අඩංගුවට ගනු ලැබුවේ, නතාෂා එදිරිසූරිය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රසාංගික වැඩ සටහනක් සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ විකාශය කිරීම සම්බන්ධයෙනි. 

බෲනෝ අත්අඩංගුවට ගැනීමට පෙර, 2023 වසරේ මැයි මාසයේ 28 වන දා, එකී ප්‍රසාංගික වැඩසටහනින් ඈ සිදුහත් චරිතයට අගෞරවයක් සිදු කර ඇති බවට චෝදනා කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නතාශා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබුණි. 

පසුව, බෲනෝ දිවාකර, 2023 වසරේ ජූනි මස 21 වන දා ත්, නතාශා එදිරිසූරිය ජූලි මස 5 වන දාත් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේ ය.

නතාශා එදිරිසූරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලද්දේ බලන්ගොඩ කස්සප නමැති හිමිනමකි. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න