Heading
දේශීය
2024-07-25 1:52 am

ජනාධිපතිගේ තවත් ව්‍යාපෘතියක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි

ග්‍රාමීය ප්‍රදේශ ඉලක්ක කර ගනිමින්, රජයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා පත් කරන ලද ප්‍රජා උපදේශක කමිටු ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පනවා තිබේ.


ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් අධීක්ෂණය කිරීම සදහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම ප්‍රජා උපදේශක කමිටු පත් කරන ලදී.


මෙම ප්‍රජා උපදේශක කමිටු හරහා, උරුමය, කදුකර දශකය, කෘෂිකාර්මික නවීකරණය සහ සහල් බෙදා හැරීමේ වැඩසටහන ආදී වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.


මෙම ප්‍රජා උපදේශක කමිටු සදහා සම්බන්ධ කරගෙන තිබෙන්නේ පලාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා භාර දුන් අපේක්ෂකයන් ය.


ප්‍රජා උපදේශන කමිටු පිහිටුවීම සහ ඒ මගින් දියත් කර තිබෙන සියලු ව්‍යාපෘති මැතිවරණය ඉලක්ක කර ගනිමින් සිදු කරන බවට පාර්ශ්ව රැසක් චෝදනා කර තිබුණු අතර, ප්‍රජා උපදේශන කමිටු පිහිටුවීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න