
“සුරාබදු කොමසාරිස්ට රට පනින්න දෙන්න එපා..!” ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්. සුරාබදු කොමසාරිස් එම්.ජේ.ගුණසිරි, රටින් පිටව යෑමේ සූදානමක් ඇති බැවින්, වහා එය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිපත් කර තිබේ.   නීතියට පටහැනි ලෙස මත්පැන්හල් බලපත්‍ර (බාර් පරිමිට්) නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබිය දී එම නියෝගයට පිටුපා සුරාබදු කොමසාරිස් එම්.ජේ.ගුණසිරි ක්‍රියාකර ඇතැයි චෝදනා එල්ල වී තිබුණි.  එමගින් සුරාබදු කොමසාරිස්වරයා අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින්, ගිහාන් ශවීන්ද්‍ර ප්‍රනාන්දු නමැති අය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.  එම නඩුව විභාගයට ගැනීමට පෙර සුරාබදු කොමසාරිස්ට රටින් පිටව යෑමේ සූදානමක් ඇති බවට වාර්තා වන අතර, ඔහු රටින් පලා යෑම වළක්වන ලෙස ඉල්ලා මෝසමක් ඉදිරිපත් කර තිබෙන්නේ ඒ අනුවයි.  සුරාබදු කොමසාරිස්ට එරෙහිව චෝදනා රැසක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතාද ඉදිරිපත් කර තිබෙන අතර, එම චෝදනා සහිත වීඩියෝව පළමු කොමෙන්ටුවට එක් කර තිබේ. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |