
"පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සුරේශ් සලෙයි ලංකාවේ හිටිය බවට සාක්ෂි තියෙනවා..!” ප්‍රවීණ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය කියයි.  පාස්කු ප්‍රහාරය සිද්ධ වන අවස්ථාවේ දී හිටපු බුද්ධි ප්‍රධානී සුරේශ් සලෙයි ලංකාවේ හිටිය බවට සාක්ෂි ඇතැයි ප්‍රවීණ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි.  ඔහු මේ බව හෙළි කර සිටියේ යූ ටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.  නිල වාර්තාවන්ට අනුව, 2019 වසරේ අප්‍රේල් වන විට සුරේශ් සලෙයි සිටිය යුත්තේ විදෙස්ගතව යි.  නමුත් එම නිල වාර්තාව “සත්‍යයක් නොවීමේ” ඉඩක් පවතින බවයි සුනන්ද දේශප්‍රිය මහතා පවසන්නේ.  “ප්‍රහාරය සිද්ධ වන අවස්ථාවේ සුරේශ් සලෙයි ලංකාවේ හිටිය බවට සාක්ෂි තියෙනවා” සුනන්ද දේශප්‍රිය මහතා පවසයි.  චැනල් ෆෝ නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තා චිත්‍රපටයේ පෙනී සිටින අසාද් මවුලානා, එවකට රාජ්‍ය බුද්ධ සේවයේ ප්‍රධානියාව සිටි සුරේශ් සලෙයි සහ සහරාන්ගේ කණ්ඩායම අතර හමුවක් 2018 වසරේ ජනවාරියේ දී තමන් සංවිධානය කළ බව හෙළි කරයි.  වහා එම චෝදනාව ප්‍රතික්ෂේප කළ සුරේශ් සලෙයි, එවකට තමන් මැලේසියාවේ සිටි බව නිවේදනය කළේ ය. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |