"ප්‍රශ්න පත්‍රය කලින් පිට වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අත්හිටුවන්න..!" ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්..! ප්‍රශ්න කිහිපයක් කලින් පිට වූ බව තහවුරු වී තිබෙන මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සහ කඩඉම් ලකු-ණු නිකුත් නොකරන ලෙස ඉල්ලමින්, එම විභාගයට පෙනී සිටි දරුවන්ගේ දෙමව්පියන් පිරිසක්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇති නිසා, විභාගය යළි පවත්වන ලෙස දෙමව්පියන් රැසක් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරියේ උද්ඝෝෂණයකද නිරත විය. රජය තාවකාලිකව උත්තර පත්‍ර ඇගයීම අත්හිටවූ අතර, ඊයේ දිනයේ දී විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ විභාගය යළි පැවැත්වීමක් සිද්ධ නොවන බවයි. ඒ අනුව, කලින් පිට වූ ප්‍රශ්න තුනකට අදාලව සෑම දරුවෙක-ුටම ලකුණු ලබා දීමට තීරණය කළ බවද ඔහු මාධ්‍ය හමුවේ දැනුම් දුන්නේ ය. කෙසේ වෙතත්, දෙමව්පියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇත්තේ ඉන් පසුවයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-06 11:06 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|