Heading
දේශීය
2024-10-20 9:46 am

මං හෙළි කරන වාර්තා ගැන කතා කිරීමේ අයිතිය සිරිල් ගාමිණී පියතුමාට නෑ.." උදය ගම්මන්පිල.

"පල්ලිවල පිපිරුනේ බෝම්බ් 2 ක් පමණයි. හයක්ම පිපිරුණේ වෙනත් තැන්වල. ඒ නිසා මං හෙළි කරන වාර්තා ගැන කතා කිරීමේ අයිතිය සිරිල් ගාමිණී පියතුමාට නෑ.." උදය ගම්මන්පිල. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන දෙකක වාර්තා හෙට දිනයේ දී ප්‍රසිද්ධියට පත් කරන බව උදය ගම්මන්පිල පවසයි. 

එම වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලබා දී තිබෙන අවස්ථාව හෙට පෙරවරු දහයෙන් අවසන් වන බවද ඔහු පවසයි. 

උදය ගම්මන්පිල මහතාගේ මේ කඩිමුඩිය සම්බන්ධයෙන් කාදිනල් හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශක වන සිරිල් ගාමිණී පියතුමාද පසුගිය දා අදහස් දැක්වීමක් සිදු කර තිබුණි. 

එහිදී උන්වහන්සේ පවසා සිටියේ, සී.අයි.ඩීයට විමර්ශන කටයුතු සිදුකරගෙන යාමට ඉඩ දී ගම්මන්පිල පැත්තකට විය යුතු බවයි. 

අද මාධ්‍ය හමුවේ දී ගම්මන්පිල විසින් සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව ද අදහස් දැක්වීමක් සිදු කරන ලදී. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයන්ට අදාල වාර්තාවන්ගෙන් ප්‍රසිද්ධියට පත් කළ යුත්තේ කුමන වාර්තාවද සැගවිය යුත්තේ කුමන වාර්තාවද යන්න තීන්දු කිරීමේ බලයක් සිරිල් ගාමිණී පියතුමාට නැති බව ගම්මන්පිල පවසයි. 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ස්ථාන අටක් ඉලක්ක කර ගනිමින් සිදු වූ බව පවසන උදය ගම්මන්පිල, එම ස්ථාන අටෙන් කතෝලික පල්ලි ඇත්තේ දෙකක් පමණක් බව පවසයි. 

එමෙන්ම, ප්‍රහාරයෙන් කතෝලිකයන් නොවන අයද මිය ගිය බව ඔහු පවසයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න