Heading
දේශීය
2024-10-21 12:09 pm

“අළුත් වීරයන්ගෙන් වැඩක් නෑ..! රටේ නායකයා පොරොන්දුවක් දීලා තියෙනවා. ඔහු ඒ පොරොන්දුව ඉෂ්ඨ කරාවි කියලා අපි හිතනවා..!” කාදිනල් හිමියෝ කියති.

“අළුත් වීරයන්ගෙන් වැඩක් නෑ..! රටේ නායකයා පොරොන්දුවක් දීලා තියෙනවා. ඔහු ඒ පොරොන්දුව ඉෂ්ඨ කරාවි කියලා අපි හිතනවා..!” කාදිනල් හිමියෝ කියති. 


පාස්කු ප්‍රහාරය පිළිබදව නවතම අනාවරණයන් සිදු කිරීමට අළුත් වීරයන් ඉදිරිපත් වී සිටින බව අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානෝ පවසති. 

මේ අලුත් වීරයන්ගෙන් වැඩක් නැති බව පවසන කාදිනල් හිමිපානෝ, අවශ්‍යව ඇත්තේ මෙම ප්‍රහාරය පිටුපස සිටි මහමොළකරුවන් සොයා ගැනීම බව අවධාරණය කරයි. 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටු දෙකක වාර්තා තමන්ටද ලැබුණු බව පවසන කාදිනල් හිමියෝ, එම කමිටුවාර්තාවලද ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කරන ලද ජනාධිපති කොමිසම විසින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවට වන නිර්දේශයම බව පවසයි. 

ඊට අමතරව, තවත් කපටි වැඩක් එම කමිටුව විසින් කර ඇති බවට කාදිනල් හිමියෝ චෝදනා කරති. එම කපටි කම නම්, පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශන සිදු කරන නිළධාරීන් දෙදෙනෙකුගේ නම්ද ඊට ඇතුළත් කර තිබීමය. 

(කාදිනල් හිමි එම නිළධාරීන් දෙදෙනාගේ නම් හෙළි කර නොතිබුනද, උන් වහන්සේ මේ පවසන්නේ රවී සෙනෙවිරත්න සහ ෂානී අබේසේකර යන අය සම්බන්ධවයි.)

කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරය පිළිබදව හෙළි දරව් කිරීමට පැමිණෙන අළුත් වීරයන්ගෙන් තමන්ට වැඩක් නැති බව පවසන කාදිනල් හිමියෝ, ජනාධිපති අනුර ක-ු-මාර දිසානායක මහතා විසින් පාස්කු විමර්ශනයට අදාලව ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් තමන් අපේක්ෂා සහගතව බලා සිටින බවද පවසයි. 


රාගම පොල්ගහහේන ජේසු බිළිදු දේවස්ථානයේ දී පැවති පූජාවක් අතර තුර  දී උන් වහන්සේ මේ බව පැවසී ය. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න