Heading
දේශීය
2024-10-21 1:56 am

ගම්මන්පිලට අභියෝගයක්..! ඒ කමිටුවට රවී සහ ශානී දුන්නු සාක්ෂි පුලුවන්නං ප්‍රසිද්ධ කරන්න..!

ගම්මන්පිලට අභියෝගයක්..! ඒ කමිටුවට රවී සහ ශානී දුන්නු සාක්ෂි පුලුවන්නං ප්‍රසිද්ධ කරන්න..! 

ගම්මන්පිල විසින් අද දිනයේ දී ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සදහා බුද්ධි අංශ විසින් ලබා දෙන ලද තොරතුරු මත පදනම්ව, අදාල වගකිව යුතු පාර්ශ්ව කටයුතු කර තිබේද නැද්ද යන්න පිළිබදව සොයා බැලීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද කමිටුවක වාර්තාවකි. 

මෙම කමිටුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඩි අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවකි. 

රනිල් වික්‍රමසිංහ මහතා මෙම කමිටුව පත් කරන ලද්දේ, 2024 වසරේ ජූනි 12 වන දා ය.  

එම කමිටුව ඔවුන්ගේ විමර්ශන සිදු කර මෙම වාර්තාව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතට පත් කරන්නේ 2024 සැප්තැම්බර් මාසයේ දී ය. 

පාස්කු ප්‍රහාරය පිළිබදව දිගින් දිගටම අනාවරණය කිරීම් සිදු කරන ගවේශනාත්මක මාධ්‍යවේදී තරිදු ජයවර්ධන අද ගම්මන්පිල විසින් සිදු කරන ලද විශේෂ හෙළිදරව්ව පිළිබදව විශේෂ යූ ටියුබ් වැඩසටහනක් සිදු කර තිබේ. 

එම වැඩසටහනට අනුව, ඔහු යෝජනා කරන පළමු කාරණය වන්නේ, ගම්මන්පිල අද හෙළිදරව් කරන ලද වාර්තාව නිකුත් කර තිබෙන ඩී අල්විස් කමිටුව නීත්‍යනුකූල කමිටුවක් නොවන බවයි. 

එම කමිටුව පත් කර තිබෙන්නේම, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකය හා එක් වූ රවී සෙනෙවිරත්න සහ ශානී අබේසේකර මහතාගෙන් පළි ගැනීමේ අරමුණ ඇතිව බව තරිදු ජයවර්ධන පවසයි. 

කමිටුව ස්ථාපිත කර තිබෙන දිනය හා විශ්‍රාමික පොලිස් සාමූහිකය සමග රවී සහ ශානී සම්බන්ධවන දිනය සසදා බැලීමේ දී මෙය පැහැදිලිවන බව මාධ්‍යවේදියා පවසයි. 

එමෙන්ම, මෙම කමිටුව ඉදිරියේ රවී සෙනෙවිරත්න සහ ශානී අබේසේකර යන මහත්වරු සාක්ෂි ලබා දී ඇති බව පවසන තරිදු ජයවර්ධන, පුළුවන්නං, එම සාක්ෂි සටහන් ප්‍රසිද්ධියට පත්කරන ලෙස ද ගම්මන්පිලට අභියෝග කරයි. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කිසිදු කොමිසමකින් රවී සෙනෙවිරත්නට හෝ ශානී අබේසේකරට එරෙහිව කිසිදු චෝදනාවක් මීට පෙර එල්ල වී නැත. 

ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල කර තිබෙන එකම කමිටුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ මෙම කමිටුවයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න