Heading
දේශීය
2024-10-22 9:06 am

ගම්මන්පිලට උත්තර දෙන්න කාදිනල් අද මාධ්‍ය හමුවක් කැදවයි..!

ගම්මන්පිලට උත්තර දෙන්න කාදිනල් අද මාධ්‍ය හමුවක් කැදවයි..!


උදය ගම්මන්පිල විසින් ඊයේ දිනයේ දී සිදු කරන ලද ප්‍රකාශ සදහා උත්තර ලබා දීමට අද දිනයේ දී කාදිනල් හිමි මාධ්‍ය හමුවක් කැදවා තිබෙන බව වාර්තා වේ. 

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවකින්, පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන්, එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකව සිටි රවී සෙනෙවිරත්න මහතාට එරෙහිව චෝදනා කර තිබේ. 

ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් තබමින් ගම්මන්පිල හෙළි කරන ලද්දේ එම කරුණයි. 

ඊට අමතරව, එම මාධ්‍ය හමුවේදී පාස්කු ප්‍රහාරය කතෝලික ජනතාව ඉලක්ක කර ගනිමින්ම සිදුවූවක්ම නොවන බවත්, එබැවින් ඒ ගැන කතා කිරීමේ ඒකාධිකාරයක් කාදිනල් හිමිට හිමි නොවන බවත් ගම්මන්පිල පැවසී ය.

ඔහු පවසා සිටියේ මිය ගිය පුද්ගලයන් අතර කතෝලිකයන් නොවන පිරිස්ද සිටින බවයි. 

එබැවින් එය කතෝලිකයන්ගේ ප්‍රශ්නයක් ලෙස නොව ජාතික ප්‍රශ්නයක් ලෙස සැලකිය යුතු බව ගම්මන්පිල කියයි. 

මේ සියළු චෝදනාවන්ට කාදිනල් හිමි අද දිනයේ දී උත්තර ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරයි. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න