"මෛත්‍රී පත්කරපු ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව ප්‍රසිද්ධ කරන්න..!" මුජිබුර් රහුමාන් ඉල්ලයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමන් මහත් පවසයි. එකී වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම ගෝඨාභය රාජපක්ෂ මෙන්ම රනිල් වික්‍රමසිංහ ද මගහැර ඇති බව පවසන මුජිබුර් රහුමාන් මහතා, ගම්මන්පිල විසින් හෙළිදරව් කිරීමට සූදානම් වන්නේ එකී වාර්තාවේ ප්‍රසිද්ධියට පත් නොකරන ලද කොටස් යැයි තමන් සිතූ බවද පවසයි. අදාල වාර්තාව තුළ සහරාන්ගේ බිරිද වන හාදියාගේ කට උත්තරයද ඇතුළත් ය. සාරා ජස්මින් මිය නොගිය බව ඇගේ කට උත්තරයේ සටහන් ව තිබිය දී ත්, මියගිය පිරිස අතර සාරා ජස්මින්ගේ සිරුර නැති බවට අවස්ථා දෙකක දී සිද්ධ කරන ලද ඩී.එන්.ඒ පරීක්ෂණවලින් තහවුරු වී තිබිය දී ත්, සාරා මිය ගිය බව තහවුරු කිරීමට කිසියම් පිරිසකට අවශ්‍යව තිබී තු-න්වන ඩී.එන්.ඒ පරීක්ෂණයකුත් සිද්ධ කළ බවට හිටපු මන්ත්‍රීවරයා චෝදනා කරයි. එමෙන්ම, පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවට වූ ආන්දෝලනාත්මක ප්‍රකාශය හිටපු නීතිපති දප්පුලද ලිවේරා ප්‍රකාශයට පත් කරන ලද්දේත්, එම සම්පූර්ණ වාර්තාව පරිශීලනය කිරීමෙන් පසුවයි. මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත්කළ යුතු යැයි, වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා ද ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටිය දී ප්‍රකාශ කර තිබුණු බව සිහිපත් කරන මුජිබුර් රහුමන් හිටපු මන්ත්‍රීවරයා, දැන් ඒ සදහා ඔහුටම අවස්ථාව උදා වී ඇති බවද පවසයි.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-02 4:51 am
|
Heading |
---|
2024-12-02 2:10 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|