Heading
දේශීය
2024-10-22 10:15 am

සබීතාගේ බිල්ඩිමට දුන් රුපියල් ලක්ෂ 6,600 ක තැන්පතු මුදල තාමත් ලැබී නෑ..!

සබීතාගේ බිල්ඩිමට දුන් රුපියල් ලක්ෂ 6,600 ක තැන්පතු මුදල තාමත් ලැබී නෑ..! 

යහපාලන රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාම සදහා, ජනප්‍රිය රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මියගේ පවුලට අයත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් මාසයකට ලක්ෂ දෙසීය තිහක කුලී පදනම යටතේ ලබාගෙන තිබුණි.

මෙම ගොඩනැගිල්ල බදු ගැනීමේ දී ඒ සදහා අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂ හයදහස් හයසියයක මුදලක් තැන්පත් කර තිබුණු අතර, ගොඩනැගිල්ල නැවත එහි හිමිකරුවන්ට ලබා දී ඇතත්, මෙතෙක් එම අත්තිකාරම් මුදල රජයට ලබාගෙන නැති බව වාර්තා වේ. 

2015 වසරේ බලයට පත් වූ යහපාලන රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා වූ දුමින්ද දිසානායක මහතා මෙම ගොඩනැගිල්ල බදු පදනම යටතේ ලබා ගැනීමට මූලික වී තිබුණු අතර, යහපාලන රජය බිද වැටීමෙන් පසු, 2019 වසරේ බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ රජය, කෘෂිකර්ම අමාත්‍යංශය එම ගොඩනැගිල්ලෙන් ඉවත් කර ගැනීමට කටයුතු කළේ ය.

ඒ අනුව, 2020 වසරේ ජනවාරි මාසයේ අග භාගයේදී කෘෂිකර්ම අමාත්‍යංශය අදාල ගොඩනැගිල්ලෙන් ඉවත් කරගෙන තිබුණි.   

කෙසේ වෙතත්, අදාල ගොඩනැගිල්ල යළි භාර දීමෙන් පසුව, රජයට අයවිය යුතුව තිබූ රුපියල් ලක්ෂ හයදහස් හයසියයක මුදල යළි ලබා ගැනීම සදහා රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න