Heading
දේශීය
2024-10-22 12:27 pm

"ගම්මන්පිල උස්සන් යන කමිටු වාර්තාව අපි පිළිගන්නෑ..!" විජිත හේරත්.

"ගම්මන්පිල උස්සන් යන කමිටු වාර්තාව අපි පිළිගන්නෑ..!"  විජිත හේරත්. 


ගම්මන්පිල විසින් ඊයේ සිද්ධ කරන ලද හෙළිදරව්වට පදනම් වූ කමිටු වාර්තාව රජය පිළි නොගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් පවසයි. 

ගම්මන්පිලගේ හෙළිදරව්වේ කේන්ද්‍රය වී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නයි. 

රවී සෙනෙවිරත්න මහතා, පාස්කු ප්‍රහාරයට පෙර, ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් ලබා දෙන ලද තොරතුරු අනුව ක්‍රියාත්මක වී නැතැයි ගම්මන්පිල චෝදනා කරයි. 

ඔහු එම චෝදනාව සිද්ධ කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 ජූලි මාසයේ පත් කරන ලද කමිටුවක වාර්තාව මත පදනම්වයි. 

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල කමිටුව පත් කරන ලද්දේම රවී සෙනෙවිරත්න මහතාගෙන් පළි ගැනීම සදහා බවයි. 

රවී සෙනෙවිරත්න මහතා ජාතික ජන බලවේගය විසින් ගොඩ නගන ලද විශ්‍රාමික පොලිස් සාමූහිකය හා එක් වීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ රජය ඔහු සමග ආරෝවක් ඇතිකරගෙන ඇතැයි විජිත හේරත් චෝදනා කරයි. 

විශේෂයෙන්ම, සාගල රත්නායක මහතා, රවී සෙනෙවිරත්න මහතා හමු වී, විශ්‍රාමික පොලිස් සාමූහිකයෙන් ඉවත් වන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇති බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා පවසයි. 

රවී සෙනෙවිරත්න මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, ඔහුව කොටු කිරීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල කමිටුව පත් කර, මාස තුනක් ඇතුළත් එහි වාර්තාව ලබා ගෙන තිබේ. 

බලාපොරොත්තු වූ පරිදිම, එම කමිටු වාර්තාව රවී සෙනෙවිරත්න කොටු කර ගැනීමට උත්සාහ දරා තිබේ. 

මෙම කමිටුව දේශපාලන අරමුණක් මත ස්ථාපිත කළ එකක් බව පැහැදිලිවම පෙනෙන බැවින්, එම කමිටුවේ වාර්තාව රජය පිළි නොගන්නා බව විජිත හේරත් පවසයි.

ඊට අමතරව, රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද මෙම කමිටුවේ සභාපති විනිසුරුවරිය සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාද විජිත හේරත් මහතා කැබිනට් මාධ්‍ය හමුවේ දී හෙළිකර සිටියේ ය. 

අධිකරණ සේවා කොමිසම් සභා වාර්තාවන්ට අනුව, අදාල විනිසුරුවරිය, විනිසුරු ධූරයකට පත් වී වසර දෙකක් ඇතුළත් විශමාචාර චෝදනා එල්ල වී තිබෙන තැනැත්තියකි. 

ඇය සේවයෙන් පහ කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කර තිබිය දී ඇය විසින් කරන අභියාචනයකට අනුව, සේවයෙන් ඉල්ලා අස්වීම සදහා ඇයට අවස්ථාව ලබා දීමට අධිකරණ සේවා කොමිසම තීරණය කර තිබේ. 

මීට පෙර පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කිරීමට පත් කර තිබෙන වෙනත් එකදු කමිටුවකින් හෝ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවකින් රවී සෙනෙවිරත්න හෝ ශානී අබේසේකරට චෝදනා එල්ල වී නැත. 

එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය ද හිටපු ජනාධිපති මෛත්‍රීට, පූජිත ජයසුන්දරට, නිලන්ත ජයවර්ධනට, සිසිර මෙන්ඩිස්ට, හේමසිරි ප්‍රනාන්දුට වන්දි ගෙවන ලෙස නියෝග කර තිබුනත්, රවී සෙනෙවිරත්නට එරෙහිව එවැනි නියෝගයක් ලබා දී නැති බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශය විජිත හේරත් පවසයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න