ආරුගම්බේ සංචාරක කලාපයට පනවා තිබූ අනතුරු හැගවීම එක්සත් ජනපදය ඉවත්කර ගනී. සිය පුරවැසියන් වෙනුවෙන් ආරුගම්බේ සංචාරක කලාපයට පනවා තිබුණු අනතුරු හැගවීම ඉවත් කර ගැනීමට එක්සත් ජනපදය කටයුතු කර තිබේ. ආරුගම්බේ ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වූ බුද්ධි වාර්තා මත පදනම්ව, එක්සත් ජනපදය පසුගිය ඔක්තෝබර් 23 වන දා සිය පුරවැසියන්ට අනතුරු හැගවීමේ නිවේදනයක් නිකුත් කර තිබුණි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා බලධාරීන් අදාල ප්‍රදේශයේ ආරක්ෂාව තර කරමින්, එල්ල විය හැකි ඕනෑම ආකාරයක ප්‍රහාරයක් වළක්වා ගැනීම සදහා කටයුතු කලේ ය. ඉන් පසුව, සංචාරක අනතුරු හැගවීම ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා රජය එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටි අතර, ඒ අනුව, එක්සත් ජනපද රජය, ආරුගම්බේ ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් පනවා තිබුණු සංචාරක අනත-ුරු හැගවීම ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2024-11-20 10:13 pm
|
Heading |
---|
2024-11-20 6:35 am
|
Heading |
---|
2024-11-20 2:44 am
|
Heading |
---|
2024-11-20 12:42 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|