නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම; මාස තුනකින් විමර්ශන අවසන් කරන්න..! ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි. ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කරන ලද බවට චෝදනා කරමින්, එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා, 2018 වසරේ ඔක්තෝබර් මාසයේ 25 වන දා හෝ ඊට ආසන්න දිනයක දී අත්අඩංගුවට ගනු ලැබී ය. නාලක ද සිල්වා මහතා ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට සම්බන්ධ බව පවසන ලද්දේ නාමල් ක-ුමාර නමැති අයෙකු විසිනි. මෙම සිදු වීම යහපාලන රජය සමයේ සිදු වූ ඉතාමත්ම ආන්දෝලනාත්මක සිදු වීමක් විය. නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම, පසුව එල්ල වූ පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් පිළිබදව සිදු වෙමින් පැවති විමර්ශන කටයුතු- සදහාද බලපා තිබුණි. කෙසේ හෝ, අසාධාරණ ලෙස තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව නාලක ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණු ඊයේ දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම කැදවන ලදී. එහිදී, පෙත්සම්කරුට එරෙහිව සිදු කරන විමර්ශන මාස තුනක කාලයක් තුළ සිදු කොට අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට නියෝග කළේ ය.
Heading | Heading |
---|
Heading |
---|
2024-11-20 10:13 pm
|
Heading |
---|
2024-11-20 6:35 am
|
Heading |
---|
2024-11-20 2:44 am
|
Heading |
---|
2024-11-20 12:42 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|