මුස්ලිම් ප්‍රජාව නොතකා හැරියාද..? නව රජය පත් කළ කැබිනට් මණ්ඩලය තුළ මුස්ලිම් අමාත්‍යවරයෙකු නොමැති වීම පිළිබදව මතභේදාත්මක තත්ත්වයක් සමාජය තුළ නිර්මාණය වී තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු අමාත්‍ය බිමල් රත්නායක මහතාගෙන් විමසා තිබුණු අතර, ඔහු ඊට පැහැදිලි පිළිතුරක් ලබා දී තිබුණි. ඔහු පවසන ආකාරයට, කිසිවකු ජාතිය කුලය හෝ ආගම මත වෙනස් කිරීමකට ලක් කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය නොවේ. මුස්ලිම් ජනතාව සැලකිය යුතු ප්‍රමාණයක් ජීවත් වන දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරු සිව් දෙනාම සිංහල ජාතිකයන් වූ බැවින්, එම දිස්ත්‍රික්කයේ ජීවත්වන මුස්ලිම් ප්‍රජාවට ගෞරවයක් ලෙස, පරාජිත මුස්ලිම් ජාතික අපේක්ෂකයෙකු ජාතික ලයිස්තුවෙන් පත් කිරීමට පක්ෂය කටයුතු කළ බව බිමල් රත්නායක මහතා පවසයි. එමෙන්ම, එළැඹෙන 21 වන දා පාර්ලිමේන්තුව රැස්වන බව පවසන බිමල් රත්නායක මහතා, එදිහී තවත් වෙනස්කම් සිදුවිය හැකි බවටද ඉගි කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2024-11-20 10:13 pm
|
Heading |
---|
2024-11-20 6:35 am
|
Heading |
---|
2024-11-20 12:42 am
|
Heading |
---|
2024-11-19 10:30 pm
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|