Heading
දේශීය
2024-11-20 10:13 pm • Views: 475

උතුරේ කට්කොලම් හමුදා කදවුර ඉවත් කර ගනී. අක්කර අටක භූමිය නැවතත් මුල් හිමිකරුවන්ට..!

උතුරේ කට්කොලම් හමුදා කදවුර ඉවත් කර ගනී. අක්කර අටක භූමිය නැවතත් මුල් හිමිකරුවන්ට..!

හමුදාව විසින් අත්පත්කරගන්නා ලද ඉඩම් නැවත ඒවායේ මුල් හිමිකරුවන්ට ලබා දීමේ වැඩ පිළිවෙළ යටතේ, උතුරේ කට්කොලම් යුද හමුදා කදවුර ඉවත් කරගැනීම රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ. 

මෙම හමුදා කදවුර පිහිටා ඇත්තේ පේදුරු තුඩුව සහ කොඩිකාමම් අතරයි. 

කට්කෝලම් හමුදා කදවුර ඉවත්කර ගැනීමට පෙර ඒ පිළිබදව සමාලෝචනයක් සිදු කළ බව යුද හමුදාව නිවේදනය කර තිබේ. 

කෙසේ වෙතත්, යුද හමුදා කදවුර එම ප්‍රදේශයෙන් ඉවත් කර ගතහොත්, ප්‍රදේශයේ අපරාධ ඉහළ යනු ඇතැයි පවසන ප්‍රදේශවාසීන්, ඊට සිය විරෝධය පළ කර තිබෙන බවද වාර්තා වේ. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න