පාස්කු විමර්ශන පිළිබදව කතෝලික රදගුරු සංගමය ප්‍රසාදයෙන්...! නව රජය බලයට පත් වීමෙන් පසුව පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන යළි ආරම්භ කළ අතර, එකී විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කතෝලික රදගුරු සංගමය ප්‍රසාදයෙන් පසුවන බව වාර්තා වේ. කතෝලික රදගුරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ජූඩ් ක්‍රිශාන්ත පියතුමා “ද මෝර්නිං” පුවත්පත සමග මේ බව පවසා තිබුණි. විශේෂයෙන්ම, පාස්කු ප්‍රහාරය පිළිබදව බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව විසින් විකාශය කරන ලද වාර්තා වැඩ සටහනකින් ඉදිරිපත් කර තිබුණු චෝදනා පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන අරඹා ඇති අතර, ඒ යටතේ අවස්ථා දෙකක දී පිල්ලෙයාන් කැදවා ප්‍රශ්න කර තිබුණි. ඒ අනුව, පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන ඵලදායී ලෙස ඉදිරියට ඇදී යන බව පෙනී යන්නේ යැයි ජූඩ් ක්‍රිශාන්ත පියතුමා පවසයි. කෙසේ වෙතත්, විමර්ශනවල ප්‍රගතිය පිළිබදව රජය ජනතාව දැනුම්වත් කළ යුතුව ඇතැයි ද ඔහු අවධාරණය කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-04 4:00 am
|
Heading |
---|
2024-12-04 9:27 am
|
Heading |
---|
2024-12-04 9:01 am
|
Heading |
---|
2024-12-03 9:48 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|