"ජූඩ් ශ්‍රමන්තට ජනාධිපති සමාව ලබා දීමට අල්ලස් ගත්තාද..?" අල්ලස් කොමිසම මෛත්‍රීගෙන් ප්‍රශ්න කරයි. රෝයල් පාර්ක් ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඩුවම ලබා සිටි ජූඩ් ශ්‍රමන්ත යන අයට ජනාධිපති සමාව ලබා දීම සදහා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කිසියම් අල්ලස් මුදලක් ලබාගෙන තිබේද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ අනුව, ඊයේ දිනයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඒ පිළිබදව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පැය දෙකක ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ. හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ මොන්ටේගූ සරච්චන්ද්‍ර නමැති අයෙකි. ඔහුගේ පැමිණිල්ල තුළ සටහන්ව තිබෙන්නේ, ජූඩ් ශ්‍රමන්තට ජනාධිපති සමාව ලබා දීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි යන අය අල්ලස් ලබාගෙන ඇති බවට සැකයක් ඇති බවත් ඒ පිළිබදව විමර්ශනයක් සිදුකරන ලෙසත් ය. රෝයල් පාර්ක් ඝාතනය සිද්ධිය 2015 වසරේ දී සිද්ධ වූ අතර, එම ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ ජූඩ් ශ්‍රමන්තට ජනාධිපති සමාව ලබා දීම 2019 වසරේ දී සිද්ධ විය.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-12 11:22 am
|
Heading |
---|
2024-12-12 9:29 am
|
Heading |
---|
2024-12-11 9:47 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|