
ඉමියුනිග්ලෝබියුලීන් වංචාව; හෙට අනිද්දාම රනිල්ගෙන් සහ දිනේශ්ගෙනුත් ප්‍රශ්න කිරීමට සූදානම්. කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලදැයි පැවසෙන ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා, කෙහෙළියගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් හිටපු කැබිනට් අමාත්‍යවරු අට දෙනෙකු මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ප්‍රකාශ සටහන්කරගෙන ඇති හිටපු අමාත්‍යවරු ව්න්නේ, ප්‍රසන්න රණතුංග, හරීන් ප්‍රනාන්දු, රොෂාන් රණසිංහ, රමේශ් පතිරණ, විජේදාස රාජපක්ෂ, නලීන් ප්‍රනාන්දු, විදුර වික්‍රමනායක සහ නසීර් අහමඩ් යන අයයි. අදාල කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් අමාත්‍ය මණ්ඩලයේ මූලාසනය දැරී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේශ ගුණවර්ධන මහතාද නුදුරේ දී ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමට නියමිත බව වාර්තා වේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|