Heading
දේශීය
2024-11-29 9:15 am • Views: 641

"ඔව්.. අපි ඒ ප්‍රසංගයට සහභාගී උනා..! ඒ විතරක් නෙවෙයි, රසවින්දයක් තිබෙන මිනිසුන් හැටියට අපි එය රස වින්දා..!" ටිල්වින් සිල්වා.

"ඔව්.. අපි ඒ ප්‍රසංගයට සහභාගී උනා..! ඒ විතරක් නෙවෙයි, රසවින්දයක් තිබෙන මිනිසුන් හැටියට අපි එය රස වින්දා..!" ටිල්වින් සිල්වා. 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, ගල්කිස්ස හෝටලයේ පැවති ඇබා සංගීත ප්‍රසංගය සදහා සහභාගී වී සිටින ඡායාරූප සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වීමත් සමඟ විවිධ පාර්ශ්ව ඒ සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කර තිබුණි. 

ප්‍රසංගය පවත්වා තිබුණේ පසුගිය සතියේ සෙනසුරාදා දිනයේ දී ය. 

එදා සිට අද දක්වා සතියක කාලයක් ඉක්ම ගොස් තිබුනද තවතම් ඒ පිළිබව වූ ආන්දෝලනය සමාජ මාධ්‍යයෙන් මැකී ගොස් නැත. 

මේ සම්බන්ධයෙන් අද වෙළදපොළට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පත ටිල්වින් සිල්වා මහතාගෙන් විමසා තිබුණි.

එහිදී ඔහු පවසා ඇත්තේ, ගල්කිස්ස හෝටල් පරිපාලනයේ ආරාධනාවකට අනුව, තමා ඇතුළු කණ්ඩායම අදාල ප්‍රසංගය නැරඹීම සහභාගී වූ බවයි. 

ආරාධනා ලැබූවන් අතර, අග්‍රාමාත්‍යවරිය සහ සංචාරක අමාත්‍යධූරය හොබවන විජිත හේරත් මහතා ද සිටියේ ය. ඊට අමතරව, මංජරී සහ සුසන්ත දොඩාවත්ත යන අයටද ආරාධනා ලැබී තිබුණි. ආරාධනා ලද ප්‍රසංගයකට සහභාගී වීම යුතුකමක් බව පවසන ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, හුදෙක් සහභාගී වීමට අමතරව, රස වින්දනයක් ඇති මිනිසුන් ලෙස තමන් ඇතුළු කණ්ඩායම එකී ප්‍රසංගය රස වින්ද බවද පවසයි. 

තමන් ඇතුළු කණ්ඩායම මෙම ප්‍රසංගය සදහා සහභාගී වීම විවේචනය කරන බහුතරය, පරාජිත දේශාපලනයට සම්බන්ධ අය බව පවසන ටිල්වින් සිල්වා මහතා, ඔවුන් මේ ආකාරයේ ඕනෑම දෙයක් මත එල්ලීමට බලා සිටින පිරිසක් බවද පවසයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න