Heading
දේශීය
2024-11-29 12:49 pm • Views: 312

සුදුවෑන් මාධ්‍ය හමුව; හිටපු ඇමති රාජිත නිදොස්කොට නිදහස් කරයි.

සුදුවෑන් මාධ්‍ය හමුව; හිටපු ඇමති රාජිත නිදොස්කොට නිදහස් කරයි. 

2019 වසරේ ජනාධිපතිවරණය ආසන්නයේ පැවැත් වූ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වූ නඩුවෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේ ය. 

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා විසින් සංවිධානය කරන ලද එකී මාධ්‍ය හමුවේ පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙකු, පැවති රාජපක්ෂ පාලන සමයේ සිදු වූ බිහිසුණු අපරාධ රැසක් පිළිබදව හෙළිදරව් කර සිටියේ ය. 

හෙළිදරව් කිරීම් සදහා සහභාගී වූ එක් පුද්ගලයෙකු, තමන්, රාජපක්ෂ පාලන සමයේ පුද්ගල පැහැර ගැනීම් සහ ඝාතන සදහා සම්බන්ධ ව සිටි සුදුවෑන් කල්ලියේ රියැදුරෙකු බව හදුන්වා දුන්නේ ය. 

අනෙක් තැනැත්තා, තමන්, රාජපක්ෂ පාලන සමයේ උතුරේ කොටි සංවිධානයට අයත් රත්තරං තොගයක් කොළඹට ගෙනා තැනැත්තෙකු බව පැවසී ය. 

මෙම මාධ්‍ය හමුව පවත්වන ලද්දේ 2019 වසරේ ජනාධිපතිවරණය ආසන්නයේ දී ය. 

ජනාධිපතිවරණයෙන් බලයට පත් ගෝඨාභය පාලනය යටතේ රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව ඔහු ඇප මත මුදා හැරියේ ය. 

මාධ්‍ය හමුවට පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා, තමන් ප්‍රකාශ කලේ බොරු බවත්, ඒ බොරු ප්‍රකාශ කරන ලද්දේ රාජිත සේනාරත්න මහතාගේ ඉල්ලීම පිට බවත් පසුව පැවසී ය. 

කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා එසේ ප්‍රකාශ කරන ලද්දේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් එසේ කියන ලෙසට ඔවුන්ට බලකළ නිසා බව එම පුද්ගලයන් දෙදෙනා පසුව හෙළි කර සිටියේ ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න