Heading
දේශීය
2024-12-01 7:24 am • Views: 334

රුපියල් කෝටි ගණනක නාස්තියක්..! ඕස්ට්රේලියාවෙන් ආනයන කළ එළුවන් සියයකගෙන් ඉතිරි වුනේ 29 යි.

රුපියල් කෝටි ගණනක නාස්තියක්..! ඕස්ට්රේලියාවෙන් ආනයන කළ එළුවන් සියයකගෙන් ඉතිරි වුනේ 29 යි. 

උසස් තත්ත්වයේ එළුවන් ආනයනය කර මෙරට ගොවියන් සදහා ලබා දීමට සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දියත් කළ අසාර්ථක ව්‍යාපෘතියක් පිළිබදව ජාතික විගණන කාර්යාලය වාර්තා කරයි. 

මෙය 2019 වසරේ දියත් කර තිබෙන ව්‍යාපෘතියකි. 

එළුවන් ආනයනය කිරීම සිදුකර තිබෙන්නේ ඕස්ට්රේලියාවෙනි. 

ගැහැණු සතුන් අනූවක් සහ පිරිමි සතුන් දහයක් වශයෙන් එළුවන් සිය දෙනෙකු ආනයනය කර තිබේ. 

මෙම සතුන්ගෙන් පැටවුන් ලබාගෙන ගොවියන් අතර බෙදා හැරීම ව්‍යාපෘතියයි. 

එක් එළුවකු සදහා රුපියල් 349,836 ක මුදලක් වැය කර තිබේ. 

ඒ අනුව, එළුවන් සිය දෙනා සදහා වැය කර තිබෙන මුළු මුදල රුපියල්, 34,983,600 කි. 

කෙසේ වෙතත්, මෙරට පරිසරයට හුරු වීමට නොහැකිව, ආනයනය කරන ලද එළුවන් සිය දෙනාගෙන් 2019 වසර අවසන් වන විට ඉතිරිව ඇත්තේ එළුවන් 29 ක් පමණි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න