Heading
දේශීය
2024-12-04 9:27 am • Views: 403

සීනි බදු වංචාව පිළිබද විමර්ශන; එන්න කියා පණිවිඩය දුන්නම “අදනම් බෑ” කියා බන්දුල කෙදිරිගායි..!

සීනි බදු වංචාව පිළිබද විමර්ශන; එන්න කියා පණිවිඩය දුන්නම  “අදනම් බෑ” කියා බන්දුල කෙදිරිගායි..! 

2020 වසරේ සිදු වූ ආන්දෝලනාත්මක සීනි බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා, එවකට හිටපු වෙළද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබුනත්, අද දිනයේ දී පැමිණිය නොහැකි බව ඒ මහතා දැනුම් දී ඇති බව වාර්තා වේ. 

ආනයනික සීනි කිලෝවකට අයකරන බද්ද රුපියල් පනහේ සිට ශත විසි පහ දක්වා අඩු කිරීමෙන් එවකට පැවති ගෝඨාභය රාජපක්ෂ රජයට හිතවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට අසීමිතව ලාභ ඉපැයීමේ අවස්ථාව රජය ලබා දුන් බවට චෝදනා එල්ල විය.

මෙම බද්ද අඩු කිරීමෙන් කිසිදු ප්‍රතිලාභයක් පාරිභෝගික මහජනතාවට අත් නොවුණු බව ද තහවුරු වියි.  

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න