විශ්‍රාම යාමට නියමිත ත්‍රිවිධහමුදාපතිවරුන්ට,ශවේන්ද්‍රට, ජාතික බුද්ධි ප්‍රධානීට සේවා දිගු නෑ..! විශ්‍රාම යාමට නියමිත ත්‍රිවිධහමුදාපතිවරුන්ට සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු ඉහළ නිළධාරීන් රැසකට තවදුරටත් සේවා දිගු ලබා නොදීමට රජය තීරණය කර තිබෙන බව අයිලන්ඩ් පුවත්පත වාර්තා කරයි. ඒ අනුව, දැනට දෙවන සේවා දිගුවත් ලබා සිටින යුද හමුදාපති විකු-ම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාටත්, සිය පළමු සේවා දිගුව ලබා සිටින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාටත් නැවත සේවා දිගු නොලැබෙනු ඇත. දෙසැම්බර් 31 වන දා විශ්‍රාම යාමට නියමිත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාටද නැවත සේවා දිගුවක් නොලැබෙනු ඇති බව වාර්තා වේ. එමෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය විසුරුවා හැරීමට නියමිත අතර, එම කාර්යාලයෙන් ඉටු වූ කාර්ය භාරය ආරක්ෂක අමාත්‍යංශයේ සෘජු අධීක්ෂණය යටතට ගනු ඇත.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-09 4:47 am
|
Heading |
---|
2025-06-09 9:07 am
|
Heading |
---|
2025-06-09 8:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|