ජූනි 30 වන විට
සුරාබදු ආදායම රුපියල් බිලියන 105 ක්.
පසුගිය වසර හා සැසදීමේ දී
රුපියල් බිලියන 17 ක වැඩිවීමක්..!
ජූනි 30 වන දා වන විට, මේ වසර සදහා සුරාබදු මගින් උපයා ඇති ආදායම රුපියල් බිලියන 105 ක් බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි. එය, පසුගිය වසරේ එම කාල සීමාව හා සසදා බැලීමේ දී රුපියල් බිලියන 17 ක වැඩි වීමකි.
කෙසේ වෙතත්, පසුගිය වසරට සාපේක්ෂව මෙම කාලය තුළ, රුපියල් බිලියන 20 කින් සුරාබදු ආදායම වැඩිවෙනු ඇතැයි දෙපාර්තමේන්තුව අනුමාන කර තිබුණි.
ස්වභාවික විපත් සහ එක් ප්රධාන නිෂ්පාදන කම්හලක ඇති ව තිබුණු ගැටළුවක් හේතුවෙන් එම ඉලක්කය මග හැරුණු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසා තිබේ.