Heading
දේශීය
2025-01-11 12:59 pm • Views: 789

පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන; පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ දෙවැනියා ඇතුළුව තුනක් සේවයෙන් නෙරපයි.

පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන; පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ දෙවැනියා ඇතුළුව තුනක් සේවයෙන් නෙරපයි. 

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලකවරයා ඇතුළු තිදෙනෙකු වහාම බලපැපැවැත්වෙන පරිදි සේවයෙන් නෙරපා ඇති බව වාර්තා වේ. 

කතානායකවරයාගේ උපදෙස් මත මෙම පියවර ගෙන තිබේ. 

මෙම අපකීර්තිමත් ලිංගික හිංසන සිදුවීම් වාර්තා වී ඇත්තේ 2023 වසරේ දී ය. 

ලැබුණු පැමිණිලි මත ඒ පිළිබදව සොයා බැලීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබුණු අතර, එම කමිටුව සිය වාර්තාව පසුගිය දා පාර්ලිමේන්තු මහලේකම්වරියට ලබා දී තිබේ. 

අදාල කමිටුව සිය වාර්තාව සකස් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සේවය කරන සේවිකාවන් පහළොස් දෙනෙකු-ගෙන් පමණ ප්‍රකාශ ලබා ගනිමිනි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න