Heading
දේශීය
2025-01-12 9:33 am • Views: 682

ප්‍රධාන පෙලේ පොල්තෙල් ආනයනකරුවකුට බදු නොගෙවා ලිස්සා යාමට රනිල් පාර කපයි. රටට වුණු පාඩුව රුපියල් බිලියන 5 ක්.

ප්‍රධාන පෙලේ පොල්තෙල් ආනයනකරුවකුට බදු නොගෙවා ලිස්සා යාමට රනිල් පාර කපයි. රටට වුණු පාඩුව රුපියල් බිලියන 5 ක්. 

ප්‍රධාන පොල්තෙල් ආනයනකරුවෙකුට බදු නොගෙවා ලිස්සා යාමේ අවස්ථාව රනිල් වික්‍රමසිංහ රජය විසින් සලසා දී තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 

පුවත්පත වාර්තා කරන ආකාරයට ඉන් රටට සිදුව තිබෙන පාඩුව රුපියල් බිලියන පහකට ආසන්නය. 

2024 ජනවාරි පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි එවකට පැවති රජය විසින්, පිරිපහදු නොකරන ලද පොල්තෙල් මෙරටට ගෙන්වා, එම පොල් තෙල් මෙරට තුළදී පිරිපහදු කර අලෙවි කරන්නේ නම්, 18% ක වැට් බද්දකුත් 2.5% ක සමාජ ආරක්ෂණ බද්දකුත් අය කිරීමට තීරණය කර තිබේ. 

මෙම නව නීතිය පැනවීමෙන් පසුව, 2024 ජනවාරි සිට 2024 ඔක්තෝබර් දක්වා වූ කාලය තුළ දී,  ප්‍රධාන සමාගම් හයක්, පිරිපහදු නොකරන ලද පොල්තෙල් කිලෝග්‍රෑම් (මනිනු ලබන්නේ ලීටර් වලින් නොවේ) මිලියන 38.8 ක් ආනයනය කර තිබේ. 

මෙම සමාගම් හයෙන් ඇතැම් සමාගම, රජය විසින් 2024 ජනවාරි මාසයේ හදුන්වා දෙන ලද බදු රෙගුලාසිය අනුව කටයුතු කර තිබේ. නමුත් ඇතැම් සමාගම් එම රෙග-ුලාසි අනුව කටයුත-ු කිරීම මගහැර තිබේ. 

රජය බදු අය කරන්නේ, පිරිපහදු නොකරන ලද පොල්තෙල් මෙරටට ගෙන්වා, ඒවා පිරිපහුදු කර වෙළද පොලට මුදා හරින්නේ නම් පමණක් බැවින්, මෙම වංචාකාර සමාගම්, ඔවුන් ගෙන්වා තිබෙන පිරිපහදු නොකරන ලද පොල්තෙල් පිරිපහදු කිරීමකින් තොරවම වෙළද පොළට මුදා හැර තිබේ. 

ඒ හරමා මෙම සමාගම් දැවැන්ත බදු වංචාවක් සිදුකර ඇතිවා පමණක් නොව, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයද අනතුරේ හෙලා තිබේ. 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම වංචාවට සම්බන්ධ එක් සමාගමක් වටලා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙන අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් මැදිහත් වී එම සමාගම බේරාගෙන තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත චෝදනා කරයි. 

අදාල සමාගම බදු වංචාවක් කර තිබෙන බව සියළු සාක්ෂි සහිතව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍යංශයට කරුණු දක්වා තිබුනද, එම සමාගමට “විශේෂ සැලකිල්ලක්” ලැබිය යුතු යැයි මුදල් අමාත්‍යංශය දේශීය ආදායම් දෙපාර්තමේන්තු-වට නියෝග කර තිබෙන බව පැවසේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න