"ලක්ෂ එක හමාරකට අඩු මාසික ආදායමක් ලබන විශ්‍රාමිකයෝ රදවා තබා ගැනීමේ බද්දෙන් වහාම නිදහස් කරන්න." ජනපතිගෙන් මුදල් අමාත්‍යංශයට උපදෙස්. මාසිකව රුපියල් ලක්ෂ එක හමාරකට වඩා අඩු ආදායමක් ලබන විශ්‍රාමික ප්‍රජාවගෙන් අයකරන රදවා තබා ගැනීමේ බද්ද ආපසු පියවීමේ ක්‍රමයක් වහාම සකස් කරන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යංශ නිළධාරීන්ට උපදෙස් දී තිබේ. මෙය තවත් කල් නොයවා කඩිනමින් කළ යුතු කාර්යයක් බවද ජනාධිපතිවරයා අදාල නිළධාරීන්ට පවසා තිබේ. රදවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා ඉහළ දැමීමට රජය පසුගියදා රජය කටයුතු කළේ ය. එය, සිය තැන්පතු මුදල් සදහා ලැබෙන පොලී ආදායමෙන් ජීවත් වන විශ්‍රාමික ප්‍රජාවට දැරිය නොහැකි බරක් බවට චෝදනා එල්ල වී තිබේ. රදවා තබා ගැනීමේ බද්ද මේ වන විටත් ඔවුන්ගේ තැන්පතු මුදල්වලින් අයකරගෙන තිබෙන විශ්‍රාමික ප්‍රජාවට, යළි එම මුදල් ලබා ගැනීමට හැකි ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-30 3:02 am
|
Heading |
---|
2025-01-30 2:35 am
|
Heading |
---|
2025-01-30 10:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|