Heading
දේශීය
2024-07-31 5:32 am

“ජනාධිපතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය පොලිස් නිළධාරීන් ලබා දීමට කටයුතු කරන්න..!”

“ජනාධිපතිවරණය පැවැත්වීම සදහා අවශ්
පොලිස් නිළධාරීන් ලබා දීමට කටයුතු කරන්න..!”
ජනපතිගෙන් මහජන ආරක්ෂක
අමාත්යංශයේ ලේකම්ට උපදෙස්.
එළැඹෙන ජනාධිපතිවරණය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා, පොලිස්පතිවරයෙකු හෝ වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙස, මැතිවරණ කොමිසම ඊයේ දිනයේ දී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණි.
කොමිසමේ එම ඉල්ලීමට, ජනාධිපති ලේකම් ඊයේ දිනයේ දී ම ප්රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ජනාධිපතිවරණය නියමිත ලෙස පැවැත්වීම සදහා අවශ්ය පොලිස් නිළධාරීන් ලබා දීමට කටයුතු කරන ලෙස, ජනාධිපතිවරයා විසින්, මජහන ආරක්ෂක අමාත්යංශයේ ලේකම්ට උපදෙස් ලබා දී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.
මේ තත්ත්වය මත, මහජන ආරක්ෂක අමාත්යංශයේ ලේකම්වරයා සහ මැතිවරණ කටයුතු භාර ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා සමග මැතිවරණ කොමිසම අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද එහි සභාපති පවසයි.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න