“බන්ධනාගාර රෝහලේ අල්ලස් ගන්න වෛද්‍යවරයෙක්..! විමර්ශනයක් අවශ්‍යයි..!” සෞඛ්‍ය ඇමතිට බලපෑම්. බන්ධනාගාර රෝහලේ පරිපාලන කටයුතු භාර ප්‍රධාන වෛද්‍යවරයාට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයද ඇතුළුව පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වී තිබේ. ඒ අදාල වෛද්‍යවරයා, බන්ධනාගාරගතවන සිරකරුවන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම සදහා අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙනි. මේ දිනවල මතු-ව තිබෙන ආන්දෝලනාත්මක සිද්ධියට අමතරව, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වන කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාරගත කර සැනින් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලද්දේ කවර පදනමකින්ද යන්න පිළිබදවද සොයා බලන ලෙස වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාට බලපෑම් එල්ල වෙමින් තිබේ. එමෙන්ම මේ කියන වෛද්‍යවරයා කොවිඩ් වසංගතය පැවති සමයේ සිරකරුවන් සම්බන්ධයෙන් කටයුතු කර තිබෙන ආකාරය පිළිබදවද චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ. වඩාත්ම ආන්දෝලනාත්මක කරුණ වන්නේ, බන්ධනාගාර රෝහලේ සේවය කරන දූෂණ චෝදනා එල්ල වී තිබෙන මේ වෛද්‍යවරයා ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන නිළධාරියෙකුද කටයුතු- කරන බව වාර්තා වීමයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-30 3:02 am
|
Heading |
---|
2025-01-30 2:35 am
|
Heading |
---|
2025-01-30 10:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|