වෙලේ සුදාට ඔහුගේ බිරිඳට සහ නැන්දණියට බරපතල වැඩ සහිත අට වසරක සිර දඩුවම්..! කෝටි ගණනක දේපළත් රාජසන්තකයි. කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා තිබුණු නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණය අද ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, සමන්ත කු-මාර හෙවත් වෙලේ සුදා, ඔහුගේ බිරිද සහ ඔහුගේ නැන්දණියට එරෙහිව අධිකරණය වසර අටක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම කර තිබේ. ඊට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් අදාල සැකකරුවන් උපයාගෙන තිබුණු කෝටි ගණනාවක වටිනාකමින් යුතු මුදල් දේපළ හා රන්භාණ්ඩරාජසන්තක කරන ලෙසද අධිකරණය නියෝග කරයි. වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර නැමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවේ 2015 වසරේ ජනවාරි මාසයේ දී ය. ඒ, ඔහු පාකිස්තානයේ සැගවී සිටිය දී ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-30 3:02 am
|
Heading |
---|
2025-01-30 2:35 am
|
Heading |
---|
2025-01-30 10:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|