බන්ධනාගාර රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍යවරයාට එරෙහිව පැමිණිල්ලක්..! රැදවියකුට ප්‍රතිකාර ලබා දීමට බිරිදගෙන් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලලා..! සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ නියෝජිතයෙකුවන නීතීඥ සේනක පෙරේරා මහතා අද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හමු වී පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ල ඔහු විසින් ඉදිරිපත් කර තිබෙන්නේ බන්ධනාගාර රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍යවරයාට එරෙහිවයි. බන්ධනාගාර රැදවියකුගේ බිරිදක් විසින් ලබා දෙන ලද සාක්ෂියක් මත පදනම්ව නීතීඥ සේනක පෙරේරා මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. අංසක ප්‍රියදර්ශන නමැති අදාල රැදවියා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඔහුට ප්‍රතිකාර ලබා දීම සදහා ඉහත සදහන් කරන ලද වෛද්‍යවරයා රුපියල් ලක්ෂ තු-නක මුදලක් තමාගෙන් ඉල්ලූ බව බව එකී රැදවියාගේ බිරිද චෝදනා කරයි. ඊට අදාල හඬ පටද ඈ සතුව ඇති බව නීතීඥ සේනක පේරේරා මහතා වැඩි දුරටත් පවසයි. අදාල පැමිණිල්ල බන්ධනාගාර කොමසාරිස්වරයාට ඉදිරිපත් කිරීම සදහා නීතීඥ සේනක පේරේරා මහතා සමග එකී රැදවියාගේ බිරිදද පැමිණ තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-30 3:02 am
|
Heading |
---|
2025-01-30 2:35 am
|
Heading |
---|
2025-01-30 10:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|