Heading
දේශීය
2024-07-31 5:36 am

වී.එෆ්.එස් වීසා මගඩිය; ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ඇමති ටිරාන්ට සහ තවත් අයට නඩු දමයි.

වී.එෆ්.එස් වීසා මගඩිය;
ට්රාන්ස්පේරන්සි
ඉන්ටර්නැෂනල් ආයතනය
ඇමති ටිරාන්ට සහ තවත් අයට නඩු දමයි.
ආන්දෝලනාත්මක වී.එෆ්.එස් වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබේ.
ඉලෙක්ට්රොනික් වීසා බලපත්ර නිකුත් කිරීමේ බලය පෞද්ගලික සමාගමකට ලබා දීම නිස ප්රසම්පාදන ක්රියාවලියක් අනුගමනය කිරීමකින් තොරව සිදු කර ඇති බවට ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය චෝදනා කරයි.
ඊට අමතරව, මෙම තීරණය ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට සහ සංචාරක පැමිණීම කෙරෙහි අහිතකර ලෙස බලපා ඇති බවද ඔවුන් අවධාරණය කරයි.
නඩුව ගොනු කර තිබෙන ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය, මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස්, ආගමන විගමන පාලකවරයා, ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, වීඑෆ්එස් ආයතනය සහ තවත් ආයතන කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
වීසා බලපත්ර නිකුත් කිරීම සදහා අවිදිමත් සහ අක්රමවත් ලෙස පෞද්ගලික ආයතනයක් තෝරා ගැනීම පෙත්සම්කරුවෝ අභියෝගයට ලක් කරති. එමෙන්ම, මීට පෙර වීසා නිකුත් කිරීම සිදු කළ මොබිටෙල් ආයතනය එය ක්රියාත්මක කිරීමේ දී ක්රියාවලිය සුමටව සිදුව ඇති බවද ඔවුන් පවසයි.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න