Heading
දේශීය
2025-01-17 9:01 am • Views: 3354

“නිල නිවසිනුත් දොට්ට..මගෙන් පළි ගන්නවා..!” නියෝමල් රංගජීව.

“නිල නිවසිනුත් දොට්ට..මගෙන් පළි ගන්නවා..!” නියෝමල් රංගජීව. 

වැඩ බලන පොලිස්පතිවරයාගේ නියෝගය මත පසුගිය අට වන දා සිට බලපැවැත්වෙන පරිදි, තමන්,  පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයෙන් නුගේගොඩ කොට්ඨාහය වෙත මාරුකර යවා ඇතැයි, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව පවසයි. 

මෙය තමාගෙන් පළි ගැනීම සදහා කරන ලද්දක් යැයි, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව චෝදනා කරයි. 

ඒ අනුව, තමන්ට සාධාරණය ඉෂ්ඨ කරන ලෙස ඔහු ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා සිටියි. 

තමාට ලබා දී තිබුණු නිල නිවසද තමන්ට අහිමි කර තිබෙන බව පවසන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජිව, ඒ හේතුව මත, කිලෝමීටර් විසි පහක් පමණ දුර ප්‍රමාණයක් බස් රථයේ පැමිණීමට සිදුවීම හේතුවෙන් ජීවිත අවදානමක් ද ඇති වී ඇතැයි පවසයි. 

ඔහු මේ වන විට රාජකාරියට වාර්තා කරන්නේ කඩුවෙල කොරතොට ප්‍රදේශයේ සිටයි. 

කඩුවෙල කොරතොට ප්‍රදේශය පාතාල ක්‍රියාකාරකම් බහුල ප්‍රදේශයක් වීම හේතුවෙන් තමන්ගේත් තම පවුලේ සාමාජිකයන්ගේත් ජීවිතවලට එය තර්ජනයක් වී ඇති බව ජාතික පොලිස් කොමිසමට ලියන ලිපියේ ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ. 

තමන්ගේ හෝ තම පවුලේ සාමාජිකයන්ගේ ජීවිතවලට හානියක් සිදු වුවහොත්, නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා, වැඩ බලන පොලිස්පතිවරයා සහ ශානි අබේසේකර යන මහත්වරු ඊට වගකිව යුතු බවටද ඔහු චෝදනා කරයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න